ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක පදවියෙන් අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිදුම් ලබයි.

ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ  උත්තරීතර මහානායක පදවියෙන් අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිදුම් ලබයි.

 

අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ  මහානායක, කළ්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංශිස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ  අභිනව උත්තරීතර මහානායක පදවියට පසුගියදා පත්විය. උන්වහන්සේ මීට පෙර අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ධූරයේද කටයුතු කරමින් ශාසනික අභිවෘද්ධියට ඉමහත් සේවාවක් සිදුකළහ.

අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ  ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ධූරයට අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ මෙලෙසින් පත්වන්නේ එහි සිව්වැනි උත්තරතරී මහානායක ස්වාමින් වහන්සේ ලෙසිනි. මීට පෙර අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අතිපුජ්‍ය දවුල්දෙන ඤාණිස්සර, අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස යන මහානායක ස්වාමින් වහන්සේලා විසින් මෙම පදවියේ කටයුතු සිදුකොට ඇත.