covid-19 හමුවේ දුෂ්කරතාවයට පත් ආගමික ස්ථාන සඳහා ආධාර කිරීම

covid-19 හමුවේ දුෂ්කරතාවයට පත් ආගමික ස්ථාන සඳහා ආධාර කිරීම 

covid-19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල බෙදාදීම 2021.6.3 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනිකුත් ආගමික ස්ථාන වෙනුවෙන් මෙම ආධාර බෙදාදීමේ බෙදාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමාගේ උපදෙස් මතය.


මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් ලබන විහාරස්ථාන , සියලු සිල්මාතා ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථාන සඳහා සතොස සහයෝගය ඇතිව වියලි ආහාර පාර්සල් බෙදාදීමට නියමිතය .
මේ යටතේ සියලුම ආගම් නියෝජනය වන පරිදි ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතාත්මකව සිදුවිය. ඒ අනුව පූජ්‍ය කොලොන්නාවේ සුගතවංශ ස්වාමීන් වහන්සේ , පූජ්‍ය  වටගෙදර විමලබුද්ධි ස්වාමීන් වහන්සේ , ලින්තොටගේ ප්‍රශාන් ඩිලන්ත ප්‍රනාන්දු පියතුමා, වෑකන්ද ජුම්මා පල්ලියේ නසීර් මවුලවිතුමා, වැල්ලවත්ත සිවසිරි වී. සෝමසුන්දර පූජක තුමා වෙත පාර්සල් බෙදා දීම සිදු විය. 

මෙම අවස්ථාව සඳහා රාජකීය පණ්ඩිත පූජ්‍ය අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ සහ හුණුපිටියේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ වැඩම කර සිටියහ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.