බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන

Gallery Description

රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් කරා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන 2021.12.17 දින කොළඹ 07 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ඉදිරි අවුරුදු පහ සඳහා නව ක්‍රමෝපායන් හා ළගාකරගත හැකි ඉලක්ක පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. වෙහෙර විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා, දහම් පාසල් හා එහි ප්‍රජාව, එමෙන්ම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ සියළු ආයතන, ප්‍රජාව ඉලක්ක කරගනිමින් නව සැලසුම් කිහිපයක් මෙහිදී යෝජනා විය. පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම ඉදිරියේදී ජනගත කිරීමට නියමිතය. මෙම වැඩසටහනට සම්පත් දායකත්වය කුඩා වැවිලිභෝග වගා සංවර්ධන කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් ලබාදෙන ලදි.