Department of Buddhist Affairs
කේ. පී. සිරිබද්දන මහතා අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් කොමසාරිස් ජෙනරාල් ධූරයට පත්වෙයි.

උතුරු මැද පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ කේ පී සිරිබද්දන මහතා අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ලෙසින් 2021.10.14 දින  වැඩ ආරම්භ කළේය.

ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක පදවියෙන් අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිදුම් ලබයි.

ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ  උත්තරීතර මහානායක පදවියෙන් අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ පිදුම් ලබයි.

 

අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වයේ  මහානායක, කළ්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංශිස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ශ්‍රී අමරපුර මහා සංඝ සභාවේ  අභිනව උත්තරීතර මහානායක පදවියට පසුගියදා පත්විය. උන්වහන්සේ මීට පෙර අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති ධූරයේද කටයුතු කරමින් ශාසනික අභිවෘද්ධියට ඉමහත් සේවාවක් සිදුකළහ.

අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ  ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ධූරයට අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ මෙලෙසින් පත්වන්නේ එහි සිව්වැනි උත්තරතරී මහානායක ස්වාමින් වහන්සේ ලෙසිනි. මීට පෙර අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අතිපුජ්‍ය දවුල්දෙන ඤාණිස්සර, අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස යන මහානායක ස්වාමින් වහන්සේලා විසින් මෙම පදවියේ කටයුතු සිදුකොට ඇත.

 

covid-19 හමුවේ දුෂ්කරතාවයට පත් ආගමික ස්ථාන සඳහා ආධාර කිරීම

covid-19 හමුවේ දුෂ්කරතාවයට පත් ආගමික ස්ථාන සඳහා ආධාර කිරීම 

covid-19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල බෙදාදීම 2021.6.3 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනිකුත් ආගමික ස්ථාන වෙනුවෙන් මෙම ආධාර බෙදාදීමේ බෙදාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමාගේ උපදෙස් මතය.


මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් ලබන විහාරස්ථාන , සියලු සිල්මාතා ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථාන සඳහා සතොස සහයෝගය ඇතිව වියලි ආහාර පාර්සල් බෙදාදීමට නියමිතය .
මේ යටතේ සියලුම ආගම් නියෝජනය වන පරිදි ආධාර පාර්සල් බෙදා දීම අද දින සංකේතාත්මකව සිදුවිය. ඒ අනුව පූජ්‍ය කොලොන්නාවේ සුගතවංශ ස්වාමීන් වහන්සේ , පූජ්‍ය  වටගෙදර විමලබුද්ධි ස්වාමීන් වහන්සේ , ලින්තොටගේ ප්‍රශාන් ඩිලන්ත ප්‍රනාන්දු පියතුමා, වෑකන්ද ජුම්මා පල්ලියේ නසීර් මවුලවිතුමා, වැල්ලවත්ත සිවසිරි වී. සෝමසුන්දර පූජක තුමා වෙත පාර්සල් බෙදා දීම සිදු විය. 

මෙම අවස්ථාව සඳහා රාජකීය පණ්ඩිත පූජ්‍ය අග්‍රහැරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ සහ හුණුපිටියේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ වැඩම කර සිටියහ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන , අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2021 දහම් ගුරු සහතික පත්‍ර විභාගය කල් යයි.

2021.06.19 පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය දිවයිනේ මේ වනවිට උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් එදින නොපැවැත්වීමට තීරණය කර ඇත.

එළඹෙන වෙසක් උත්සවය පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

එළඹෙන වෙසක් උත්සවය සම්බන්ධයෙන් 2021.05.21 විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලදී.පවතින covid 19 රෝග වසංගත තත්ත්වය හමුවේ මෙවර වෙසක් පුන් පොහොය දිනයේ දාන ශීල භාවනාදී පින්කම් නිවසේ සිට කිරීමටත් මෙත් සිතින් සියලු ලෝවැසියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් කළ යුතු බව එහිදී වැඩිදුරටත් සදහන් විය .

මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද  නායක ස්වාමීන් වහන්සේ , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සහභාගී විය .

 

මහානායක ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, ධම්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන සෝභන ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ අද ( 2021.03.22 ) දින අපවත් වූ සේක.

ගම්පහ කොටුගොඩ ගම් පියසෙහි විසූ වැවිලිකරු ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු හා සෙලෙස්තිනා රුද්‍රිගු නම් සැදැහැතියන්ට දාව  1933 ජනවාරි 26 ජන්මලාභය ලද අප කතා නායකයාණෝ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපතිව වැඩ සිටි පූජ්‍ය උණවටුනේ ධම්මපාල මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 17 දින සම්බුදු සසුන්ගත වූහ. රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන් සෙවණේ අධ්‍යාපන ලද කොටුගොඩ හාමුදුරුවෝ 1952 දී මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූහ. 1954 ජූලි 10 කළුගගේ උදකුක්ඛේප සීමාමාලකයේදී උතුම් උපසම්පදා සීලයට පත්වූහ.

කල්යත්ම නැණවත් ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සිරිලක සිසාරා කොටුගොඩ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ඇසෙන්නට විය. පැවති ධර්ම දේශනා ශෛලයට නව අර්ථ කථනයක් වෙමින් අප නායක ස්වාමින් වහන්සේ ඉතා ජනප්‍රිය වන්නට වැඩි කලක් ගතවූයේ නැත. 1967 මැයි 14 වන දින සිය ගුරුදේවෝතත්ම නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති පදවි ලද කොටුගොඩ ස්වාමින් වහන්සේ නොබෝ කලකින් සියලු විහාරාරාංග නවිකරණ කරමින් දායක සිත් බුද්ධාලම්භන ප්‍රීතියට පත්කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ලෙසින් සිදුකරන ලද ශාසනික කාර්ය භාරය හා උන්වහන්සේ තුළ තිබූ  සංඝපිතෘ ලංක්ෂණ නිසාම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව කොටුගොඩ ධම්මපාල නායක ස්වාමින් වහන්සේට උත්තරීතර මහානායක පදවියෙන් පිරිනැමුවේය. ශ්‍රී ලංකාද්වීපයට පමණක් නොව  සමස්ත ලෝකවාසීන්ටම තථාගත ධර්මය දේශනා කරමින් සියලු මිනිසුන්ට ජීවිතාවබෝධය, මානව ගුණ ධර්ම, දෙලොව සාධනය විෂයෙහි නිරතුරු දහම් දේශනා කළ ගෞවරණීය කොටුගොඩ මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම පිළිබඳ සාතිශය සංවේගය පළකරමි. අතිගෞරවණීය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමින් වහන්සේට අමා මහා නිවන්සැප ලැබේවා.

බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීම 2021. 04.25

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා සඳහා පාසල් විවෘත වන්නේ 2021.04.19 වන දින බව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් දන්වා ඇත. ඊට අනුව බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භය 2021.04.25 වන දින සිදුකිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේදී එකඟතාවය ඇතිව තීරණය කර ඇත.

දහම් පාසල් ශ්‍රේණි විභාගය 2021. 05. 09

2021.04.04 දින පැවැත්වීමට නියමිතව තිබු දහම් පාසල් ශ්‍රේණි විභාගය එදිනට නොපැත්වෙන අතර පාසල් පද්ධතියේ කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමෙන් අනතුරුව විභාගය පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල එකඟතාවය අනුව තීරණය කර ඇත.

දහම් පාසල් ශ්‍රේණි විභාගය 2021.05.09 දින දිවයින පුරා පැවැත්වීමට නියමිත අතර දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙසින් යොදා ගනිමින් සෞඛ්‍ය අංශ වෙතින් සපයා ඇති උපදෙස් හා මාර්ගෝපදේශ යටතේ පහත පරිදි විභාගය පැවැත්වේ.

දිනය

ශ්‍රේණිය

විභාගය පැවැත්වෙන වෙලාව

කාලය

 

2021.05.09

06 ශ්‍රේණිය

පෙ.ව.08.30 සිට පෙ.ව.09.30

පැය 1 යි

07 ශ්‍රේණිය

පෙ.ව.09.45 සිට පෙ.ව.10.45

පැය 1 යි

08 ශ්‍රේණිය

පෙ.ව.11.00 සිට පෙ.ව.12.30

පැය 1 යි විනාඩි 30 යි

09 ශ්‍රේණිය

ප.ව.1.00 සිට ප.ව.02.30

පැය 1 යි විනාඩි 30 යි

10 ශ්‍රේණිය

පෙ.ව.08.30 සිට පෙ.ව.10.30

පැය 2 යි

දහම් සරසවියට කථිකාචාර්යවරුන් බඳවා ගැනීම

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙහෙයවනු ලබන දහම් සරසවිය උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2021/2022  සඳහා අයඳුම්පත් කැඳවයි.

මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර 2021.03.1 දිනමිණ පුවත්පතෙහි  දක්වා ඇත.

අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය 2021.3.17 වේ.

අයඳුම්පත් යොමුකළ යුතු ලිපිනය

පාඨමාලා සමායෝජක

https://drive.google.com/file/d/1fnjkarI4pj3E0HX40OS6k3qYhrVX3Hu8/preview

 

 

දහම් සරසවිය උසස් ඩිප්ලෝමා පාඨමාලාව

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගංගොඩවිල

නුගේගොඩ

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට නිල ලාංඡනයක් සකස් කිරීම

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට නිල ලාංඡනයක් සකස් කිරීම

01. මෙම ලාංඡනය දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය ලෙසින්
පිළිගැනීම හා  එය සියලු රාජකාරි කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතය.

02. ලාංඡනය සඳහා ඇතුළත් වියයුතු කරුණු

දැක්ම

“බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක් ”

මෙහෙවර

“ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, ප්‍රවර්ධනය, උන්නතිය සඳහා වන කාර්යයන් හා කර්තව්‍යයන් මැනවින් සංවිධානය කොට ක්‍රියාත්මක කරලීම තුළින් දැහැමි හා ගුණගරුක ආදර්ශමත් බෞද්ධ සමාජයක් බිහිකිරීම සහ අඛණ්ඩව පැවැත්ම සාක්ෂාත් කරලීම. ”

03. ප්‍රමාණය

Width Pixel 800
Height Pixel 800
Resolution 300

04.  ඔබ විසින් සකස් කළ ලාංඡනය 2021.02.15 දිනට පෙර බෞද්ධ
කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයට හෝ
dba.gov.lk@gmail.com  යොමු කරන්න.

මාධ්‍ය අංශය