Department of Buddhist Affairs
125 වන දහම් පාසල් දින සැමරුම

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 125 වන දහම් පාසල් දිනය සැමරුම් ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික අතිගෞරවාර්හ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැති අමතිතුමන්ලාගේ හා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් 2020 අගෝස්තු මස 23 වන දින ප.ව.2.00ට හම්බන්තොට කසාගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.