74 වන ජාතික නිදහස් දිනයේ බෞද්ධාගමික වැඩසටහන
74 වන ජාතික නිදහස් දිනයේ බෞද්ධාගමික වැඩසටහන නාරාහේන්පිට අභයාරාම විහරාස්ථානයේදී 2022.02.04 දින පැවත්වන ලදි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වන ලද මෙම ආගමික වැඩසටහනේ විශේෂ අනුශාසනාව පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදි. ගෞවරණීය මහා සංඝරත්නය, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා බොදු උවැස උවැසියන් පිරිසක් සහභාගි වූහ.
ගැලරිය බලන්න
74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධාගමික වැඩසටහන්
74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධාගමික වැඩසටහන් 2022.02.02 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව කොළඹ 07 නිදහස් මන්දිරයේදී පවත්වන ලදි. ත්‍රෛනිකායික අතිගෞරවණීය මහානායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මෙම වර්ෂයේ මහා විහාරවශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුවිය. එහි මාර්ගෝපදේශකත්වය කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදි. 2022.02.03 දින හීල් දානමය පිංකම කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි සිදුකරන ලදි.
ගැලරිය බලන්න
පෙර පොහොය වැඩසටහන
පෙර පොහොය වැඩසටහන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන පෙර පොහොය ධර්ම දේශනා මාලාවේ 2022 වසරේ සමාරම්භක ධර්ම දේශනය පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ විසින් 2022.01.13 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දේශනා කර ලදි.
ගැලරිය බලන්න
බුදුපුත් මාපිය හරසර
බුදුපුත් මාපිය හරසර පූජා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී 2022.01.04 දින සිදුවිය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සහ ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය. සම්බුදු සසුනට තම දරුවන් පූජා කළ අවුරුදු 25ත් 59 අතර භික්ෂූන් වහන්සේගේ හා සිල්මාතාවන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ සැදෑ සමයේ සුරක්ෂිතභාවය සඳහා මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රතිලාභ සපයන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතා මත අවුරුදු 60 ඉක්මවූ පසුවද ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු, රාජ්‍ය අමාත්‍ය විදුරවික්‍රමනායක මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
ගැලරිය බලන්න
2022 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම
කාර්යක්ෂම රාජ්‍ය සේවය තුළින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැංවීමේ අරමුණින් අද ( 2022.01.03 ) දින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී සියළු නිලධාරීන් දිවුරුම් දී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි. සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවයේ කටයුතු අදින් ආරම්භ වන අතර මෙම සමාරම්භක අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සුභපැතුම් පණිවුඩ එක්කළේය. පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්ත්වය හමුවේ වඩාත් ඵලදායී මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රාජ්‍ය සේවය කිරීම සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් විශේෂ දේශනයක් කළේය
ගැලරිය බලන්න
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන
රට හදන සෞභාග්‍යයේ දැක්ම තුළින් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් කරා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ වැඩසටහන 2021.12.17 දින කොළඹ 07 බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ඉදිරි අවුරුදු පහ සඳහා නව ක්‍රමෝපායන් හා ළගාකරගත හැකි ඉලක්ක පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. වෙහෙර විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේලා, දහම් පාසල් හා එහි ප්‍රජාව, එමෙන්ම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ සියළු ආයතන, ප්‍රජාව ඉලක්ක කරගනිමින් නව සැලසුම් කිහිපයක් මෙහිදී යෝජනා විය. පස් අවුරුදු උපාය මාර්ග සැලැස්ම ඉදිරියේදී ජනගත කිරීමට නියමිතය. මෙම වැඩසටහනට සම්පත් දායකත්වය කුඩා වැවිලිභෝග වගා සංවර්ධන කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් ලබාදෙන ලදි.
ගැලරිය බලන්න
නවක සාමණේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන - 10 අදියර
2021.11.20 සිට 2021.11.27 දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වූ වගයි.
ගැලරිය බලන්න
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාවට නව නිලධාරින් පත්වෙයි
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ විධායක සභාවට තෙවසරක ධූර කාලයක් සඳහා නව නිලධාරින් තෝරාපත්කර ගැනීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණගාරයේදී අද දින ( 2021.11.23) සිදුවිය. සියළුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී හා සභාපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවති මෙම සභාවේදී අභිනව සභාපති ධූරයට කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය පූජ්‍ය තඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේ හා මහා ලේඛකාධිකාරී ධූරයට මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය මුගුනුවෙල අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේ තෝරාපත් කර ගත්තේය. සියළු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි විධාක සභාවේ සාමාජිකත්වයට තෝරාපත් කර ගැනීම් සිදුවිය.
ගැලරිය බලන්න
පිරිත් දේශනාව හා දානමය පිංකම
73 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ 07 නිදහස් මන්දිරයේදී පවත්වන ලද පිරිත් දේශනාව ( 2021.02.02 ) හා කොළඹ 10 ශ්‍රී ලංකා මහා විද්‍යාල පිරිවෙන් විහාරස්ථානයේදී පවත්වන ලද දානමය පිංකම ( 2021.02.03 )
ගැලරිය බලන්න
නවක සාමණේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන
නවක සාමණේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහන අතීතයේ පටන් බෞද්ධ ආගම කේන්ද්‍රීය කරගත් සමාජයක් සිටින ශ්‍රී ලංකාවේ ගෞරවනීය භික්ෂු පරපුර ආරක්ෂා කරලීම වගකීමක් ලෙස තේරුම් ගනිමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවයි. ඒ වෙනුවෙන් දෙපාර්තමේන්තුවක් වශයෙන් ජාතික වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. ඒ සාමණේර වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනයි. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ අධීක්ෂණයෙන් හා මඟපෙන්වීම යටතේ නවක සාමණේර ස්වාමින් වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ නව වැන්න මහනුවර හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනයේදී 2021 පෙබරවාරි 6 සිට 13 දක්වා සාර්ථකව පැවැත්විය. නවක සාමණේර ස්වාමින් වහන්සේලාට ශාසනික වත්පිළිවෙත් හා ශාසනික කාර්යයභාරය පිළිබඳ කරනු ලබන පුහුණු වැඩසටහනට සහාය දුන් සැමට තෙරුවන් සරණයි.
ගැලරිය බලන්න
අනුරාධපුර නව සංඝමිත්තාරාම සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය විවෘත කිරීම
අනුරාධපුර නව සංඝමිත්තාරාම සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය විවෘත කිරීම 2020.12.21
ගැලරිය බලන්න