බුදුපුත් මාපිය හරසර

ගැලරි විස්තරය

බුදුපුත් මාපිය හරසර පූජා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී 2022.01.04 දින සිදුවිය. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සහ ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය. සම්බුදු සසුනට තම දරුවන් පූජා කළ අවුරුදු 25ත් 59 අතර භික්ෂූන් වහන්සේගේ හා සිල්මාතාවන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ සැදෑ සමයේ සුරක්ෂිතභාවය සඳහා මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රතිලාභ සපයන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතා මත අවුරුදු 60 ඉක්මවූ පසුවද ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු, රාජ්‍ය අමාත්‍ය විදුරවික්‍රමනායක මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.