74 වන ජාතික නිදහස් දිනයේ බෞද්ධාගමික වැඩසටහන

ගැලරි විස්තරය

74 වන ජාතික නිදහස් දිනයේ බෞද්ධාගමික වැඩසටහන නාරාහේන්පිට අභයාරාම විහරාස්ථානයේදී 2022.02.04 දින පැවත්වන ලදි. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වන ලද මෙම ආගමික වැඩසටහනේ විශේෂ අනුශාසනාව පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදි. ගෞවරණීය මහා සංඝරත්නය, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා බොදු උවැස උවැසියන් පිරිසක් සහභාගි වූහ.