aboutus-1607317706-1609169626.png
අප ගැන

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය සදහා සහ දැහැමි බොදු සමාජයක් පවත්වා ගෙන යාමට අදාල කාලීන ව්‍යාපෘතින් රාශියක් ඉටු කරන අතරම, 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනතින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත පැවරි ඇති වගකිම් වන බෞද්ධ සිද්ධස්ථාන හා දේපළ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සදහාම යෙදවීමට අවශ්‍ය පරිපාලන සහය ලබා දීම, විහාරස්ථාන සංවර්ධනය කිරිම, දහම් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම හා දිවයිනේ සියලුම සාමණේර/උපසම්පදා භික්ෂුන් ලියාපදිංචි කර ලේඛන පවත්වා ගෙන යාම සිදු කරනු ලබයි.

මෙම කාර්යයන් සාර්ථකව ඉටු කිරිම සදහා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවේ විවිධ අංශ ස්ථාපිත කොට ඇති අතර, එම අංශ වෙත අදාළ කාර්යයන් පවරා ඇත. විහාර දේවාලගම් ආඥා පනතට අදාල කටයුතු දුර බැහැර සිද්ධස්ථානවාසි  ස්වාමින් වහන්සේලාට ඉටු කර ගැනීම පහසු කරනු වස් මහනුවර ප්‍රාදේශිය කාර්යාලය, කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය හා රත්නපුර ප්‍රාදේශිය කාර්යාලය ස්ථාපිත කර පවත්වා ගෙන යනු ලබයි.

දැක්ම / මෙහෙවර

"බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්" "සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ප්‍රවර්ධනය සඳහා වන කාර්යයන් හා කර්තව්‍යන් මැනවින් සංවිධානය කර ක්‍රියාත්මක කරලීම තුළින්,දැහැමි හා ගුණගරුක සමාජයක් බිහිකිරිම සහ අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරලීම‍‍"