නවතම සිදුවීම් සහ ස්ථාන
අපගේ නවතම පුවත් සොයා ගන්න

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංවර්ධන හා ප්‍රගති පාලන අංශය සඳහා නව නියෝජ්‍ය කොමසාරිස් වරයා ලෙසින් නිරංජන් එස්. ජයකොඩි මහතා 2021.01.15 වන දින වැඩ භාරගත්තේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යෙයකු වන ජයකොඩි මහතා 2009 වර්ෂයේ පරිපාලන සේවයට එක් විය. ජයකොඩි මහතා පිළිවෙළින් කහවත්ත සහකාර ප්‍රාදේශීය ලේකම්, නිවිතිගල සහකාර ප්‍රාදේශීය ලේකම්, රත්නපුර ගොවිජන සේවා සහකාර කොමසාරිස්, සබරගමුව පළාත් ඉඩම් කොමසාරිස්, රත්නපුර නාගරික කොමසාරිස් හා අයගම ප්‍රාදේශීය ලේකම් වශයෙන් රාජ්‍ය සේවයේ හසල අත්දැකීම් ඇත්තෙකි.
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘති, රාජ්‍ය උත්සව හා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවර්ධන හා ප්‍රගති පාලන අංශයේ අභිනව නියෝජ්‍ය කොමසාරි නිරංජන් එස්. ජයකොඩි මහතා සෞභාග්‍ය දැක්ම යථාර්ථක් කිරීමට දක්වන දායකත්වය දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමනට ආලෝකයක් ද වේ.
මාධ්‍ය අංශය

බස්නාහිර පළාතේ හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිහිටි පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදෙන ලද උපදෙස් මත නැවත ආරම්භ කිරීම 2021.01.11 වන දින සිදුවිය. ඊට සමගාමීව කොවිඩ් 19 රෝග වසංගත තත්ත්වය හමුවේ තාවකාලිව වසා දැමූ බෞද්ධ දහම් පාසල් 2021.01.17 දින නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
බස්නාහිර පළාතේ දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ආසන්නතම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇත.
මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන කොවිඩ් 19 මාර්ගෝපදේශ අනුව කටයුතු කළයුතුවේ.

සමාජය යහමඟට යොමුකිරීමේ කාර්යයේ නිරත ගෞරවණීය සිල්මෑණියන් වහන්සේලාගේ ත්‍රිපිටක ධර්මඥානය වර්ධනය කිරීමේ අරමුණ පදනම් කර ගනිමින් නවීකරණය කරන ලද අනුරාධපුර අරිප්පුව නව සංඝමිත්තා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2020.12.21 වන දින පෙරවරු 11.30 ට සුභ මොහොතින් සසුනට පූජා කළේය.
මෙම අධ්‍යාපන පීඨය තුළින් සිල්මෑණියන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය හැදෑරීමට අවස්ථාව සැලසෙන අතර එහි අධීක්ෂණ, මෙහෙයවීම් හා දේශන අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමින් වහන්සේලා විසින් සිදුකෙරේ. නේවාසික පාඨමාලාවන් ලෙසින් ක්‍රියාත්මක කෙරෙන මෙය සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව.4.00 දක්වා පැවැත්වෙන අතර එක් පාඨමාලාවක් සඳහා උපරිම සිල්මෑණියන් වහන්සේලා 30 ක් පමණක් තෝරාගනු ලබයි.
නේවාසික හා සියලු ප්‍රත්‍ය පහසුකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබයි. මෙම පාඨමාලාව තුළින් ගෞරවණීය සිල්මෑණියන් වහන්සේලාගේ ත්‍රිපිටක ධර්ඥානය වර්ධනය කිරීම, හදාරණ ලද ත්රිපිටකාගත ධර්ම කරුණු උපයෝගි කරගෙන ධර්ම ප්රචාරක කටයුතු සිදුකිරීම හා නිවැරදි ත්‍රිපිටකය සමාජගත කිරීම හා ත්‍රිපිටකය සම්බන්ධ වැරදි මත බැහැර කිරීම අපේක්ෂා කරනු ලබයි. පාඨමාලාව පිළිබඳ තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු නිලධාරීන් වෙතින් ලබාගත හැක.