මෙම උප කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන් පහත පරිදි වේ.

  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාර දේවාලගම් ආඥා පනතට අයත් විහාරස්ථාන හා දේවාල ඉඩම් සංගණනය.
  • විහාර දේවාලගම් ආඥා පනතට අයත් විහාරස්ථාන හා දේවාලවල භාරකරුවන් දැනුවත් කිරීම.
  • අර්ධ වාර්ෂික අය වැය හා අනුමාන අයවැය ඇස්තමේන්තු ලබා ගැනීම.
  • 4-1 වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථානවල වත්කම්  ලේඛන සකස් කිරීමට කටයුතු කිරීම.
  • විහාර දේවාලවලට අයත් ඉඩම් බදු දීම.
  • සිද්ධස්ථාන ඉඩම්වල ගස් හෙලීම් සඳහා අනුමැතිය ලබාදීම.
  • විහාරස්ථාන ආරවුල් සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  • අපවත් වූ ස්වාමීන් වහන්සේලාගේ දේපල සම්බන්ධ අවශ්‍ය රාජකාරි කටයුතු සිදු කිරීම.බැංකු ගිණුම්වල  මුදල් නිදහස් කිරීම.
  • භාරකාර දෙපාර්තමේන්තුවේ ඇති මුදල් සංවර්ධන කාර්යයන් සඳහා නිදහස් කිරීම.
  • සාමණේර උපසම්පදා සහතික නිකුත් කිරීම.
  • විහාරස්ථාන ඉඩම්වල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික කටයුතු සඳහා අනුමැතිය ලබා දීම.
  • රජයේ සංවර්ධන කාර්යයන් සඳහා විහාරස්ථාන ඉඩම් ලබා ගැනීමට අනුමැතිය ලබා දීම.
  • දහම් පාසල් උත්සව කටයුතු හා වෙනත් ආගමික අවස්ථාවන්ට සහභාගි වීම හා සහාය වීම.